හෙට බාර් වැසෙයි

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන හෙට (03) වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, අදාළ නීතිය කඩ කරන මත්පැන් අලෙවිසැල්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

