තොටළඟ කන්නාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු තොටළඟ කන්නා නමැත්තාට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.
ඔහුට පැනවූ දඬුවම වහාම ක්‍රියාත්මක කරන ලෙස දන්වා පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම තීන්දුව ලබාදී තිබෙන්නේ.
2014 වසරේ දෙසැම්බර් 26 වනදා ඇලකන්ද ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 40කට ආසන්න ප්‍රමාණයක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනාව යටතේ නීතිපතිවරයා ගනේෂ් හෙවත් තොටලක කන්නා නමැත්තාට එරෙහිව මෙම නඩුව ගොනුකළා.
නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී ඇප ලබා සිටි විත්තිකරු අධිකරණය මග හැර පළායාම හේතුවෙන් විත්තිකරු නොමැතිව නඩු විභාගය පැවැත්වුණා.

