රඹුක්කන-මහනුවර අතර සියළු දුම්රිය ගමන්වාර අවලංගුයි

රඹුක්කන-මහනුවර අතර සියළු දුම්රිය ගමන්වාර අවලංගුයි

උඩරට මාර්ගයේ , රඹුක්කන හා මහනුවර අතර සියළු දුම්රිය ගමන්වාර අද (21) පෙරවරුවේ අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද අලුයම 4. 30 ට සහ අළුයම 5 ට මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනයට යොදවා තිබූ කාර්යාල දුම්රියන් දෙක, උදෑසන 6 යි 15 ට මහනුවර සිට කොළඹ බලා ධාවනය වන නගරාන්තර සිඝ්‍රගාමි දුම්රිය සහ අද අළුයම 5 යි 55 ට බදුල්ල බලා ධාවනයට යොදවා තිබූ පොඩි මැණිකේ දුම්රියද අවලංගු කෙරුණි.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට රඹුක්කන දක්වා සීමා කර ඇති අතර මහනුවර සහ බදුල්ල අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

පවතින තත්ත්වය හමුවේ ඊයේ රාත්‍රී තැපැල් දුම්රියද ධාවනය වූයේ නැත.

වර්ෂාව හේතුවෙන් උඩරට මාර්ගයේ රඹුක්කන හා මහනුවර අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හා දුම්රියක් පීලිපැනීමට ලක්වීමෙන් පෙරේදා සිට දුම්රිය ගමනා ගමනයට බාධා මතුවුණි.

මාර්ගය අලුත්වැඩියා කිරිම් මේ වන විට ආරම්භ කර තිබේ.

COMMENTS