දිල්ලි බෝම්බකරුවෙකුගේ කාෂ්මීර් නිවස එරට ආරක්ෂක අංශ විසින් කඩාදමයි

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන් මෙම ප්‍රහාරයට ඍජුව චෝදනා එල්ල වී ඇති උමර්-උන්-නබි ෆරීදාබාද්හි අල්-ෆලා විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරයා ලෙස කටයුතු කරයි.
ඔහුගේ නිවස කඩාදැමීමේ අරමුණ ඉන්දීය භූමියේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සහාය දක්වන අයට පණිවිඩයක් යැවීම බව ඉන්දීය ආරක්ෂක අංශ පවසා තිබේ.
මීට පෙර පහල්ගම් ත්‍රස්ත ප්‍රහාර කුමන්ත්‍රණයට සම්බන්ධ අය සම්බන්ධයෙන්ද මෙවැනිම ක්‍රියාමාර්ග ගනු ලැබීය.
පසුගිය සඳුදා (10) සවස සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් 20කට වැඩි පිරිසක් තුවාල ලැබීය.
මෙම මාරාන්තික ප්‍රහාරයට වෛද්‍යවරුන් සම්බන්ධ බවට හෙළිවීමත් සමග අනාවරණය කරගෙන ඇත්තේ ඉන්දියාව තුළ ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධාන සිය ක්‍රියාකාරකම් සඳහා වෛද්‍යවරුන් වැනි ඉහළ උගත් වෘත්තිකයන් බඳවා ගනිමින් සිටින බවය.

