වසර 50කට පසු ජපානයේ විශාල ගින්නක් – ගොඩනැගිලි 170ක් විනාශයි

වසර 50කට පසු ජපානයේ විශාල ගින්නක් – ගොඩනැගිලි 170ක් විනාශයි

වසර 50කට පසුව ජපානයේ ඇති වූ විශාලතම ගින්න හේතුවෙන් ගොඩනැගිලි 170ක් විනාශ වී තිබෙනවා.

දකුණු ජපානයේ වෙරළබඩ නගරයක ඇති වූ ගින්නකින් මෙලෙස ගොඩනැගිලි 170කට වැඩි ප්‍රමාණයක් විනාශ වුනා.

එක් අයෙකු මිය ගොස් තිබෙනවා.

මැකරල් නිෂ්පාදනය සඳහා ප්‍රසිද්ධ ධීවර වරායක් ඉදිරිපිට පිහිටි ඔයිටා නගරයේ කඳුකර සගනෝසෙකි දිස්ත්‍රික්කයේ නිවාස ගින්නට හසුව තිබුණා.

දැඩි සුළං හේතුවෙන් වෙරළේ සිට රට තුලට ගිනිදැල් පැතිර ගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළා.

ඊයේ (18) සවස ගින්න ආරම්භ වූ අතර වර්ග මීටර් 48,900ක් එනම් දළ වශයෙන් පාපන්දු පිටි හතක ප්‍රමාණයක් ගින්නට හසුව තිබෙනවා.

ප්‍රදේශයේ නිවැසියන් 175 දෙනෙකු අවතැන් කඳවුරු වෙත යොමු කෙරුණා.