ගුවන් නියමුවාගේ අවසන් කටයුතු පූර් ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරීමට පියවර

ගුවන් නියමුවාගේ අවසන් කටයුතු පූර් ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරීමට පියවර

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදු කිරීමේදී අනතුරකට ලක්වූ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත් වූ ගුවන් නියමුවාගේ අවසන් කටයුතු දෙසැම්බර් 04 වැනිදා පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

ඒ අනුව, මේ වන විට ඔහුගේ දේහය ලුණුගල පිහිටි නිවසේ තැන්පත් කර ඇති බවත්, සවස් වරුවේ රත්මලාන ඔහුගේ නිවස වෙත රැගෙන යෑමට නියමිත බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Bell-212 හෙලිකොප්ටර් යානයක් ලුණුවිල ප්‍රදේශයේදී හදිසි ගොඩබෑමක් සිදු කිරීමට යාමේදී අනතුරට පත් වීම හේතුවෙන් එහි ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කළ නිර්මල සියඹලාපිටිය ජීවිතක්ෂයට පත් වුණා.

ඔහුගේ සේවය අගය කරමින් නොවැම්බර් 30 වැනිදා සිට ඔහු ගෘප් කැප්ටන් නිලය දක්වා උසස් කිරීමට ද පියවර ගෙන තිබුණා.