දිස්ත්‍රික්ක 13ක ජලසම්පාදන ව්‍යාපෘති 139ක් යථා තත්ත්වයට

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 21ක ජලසම්පාදන ව්‍යාපෘති 156ක් බලපෑමට ලක්වූ අතර ජලසම්පාදන සේවා අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඉංජිනේරු කණ්ඩායම් සහ ක්ෂේත්‍ර නිලධාරීන් දිවා රාත්‍රී කටයුතු කරමින් සිටින බව එම මණ්ඩලය සදහන් කරයි.
මෙම කඩිනම් කටයුතු මත බලපෑමට ලක්වූ ව්‍යාපෘති දිස්ත්‍රික්ක 13ක ව්‍යාපෘති 139ක් දැනටමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසීය.
තවමත් දිස්ත්‍රික්ක 08ක ව්‍යාපෘති 17ක් ප්‍රතිසංස්කරණ අවශ්‍ය තත්ත්වයේ පවතී. එම ව්‍යාපෘති ඉක්මණින් යථා තත්ත්වයට පත් කිරීම මණ්ඩලයේ ප්‍රමුඛ අරමුණ බවද සභාපතිවරයා කියා සිටියේය.

