ලංකාවෙන් යන්න සැරසෙන ජුලි චන්ග්

ලංකාවෙන් යන්න සැරසෙන ජුලි චන්ග්

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ලෙස කටයුතු කරමින් සිටින ජුලි චන්ග් මහත්මිය, ජනවාරි 16 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

ඇය, එක්සත් ජනපදය නියෝජනය කරන ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය ලෙස වසර හතරකට ආසන්න කීර්තිමත් සේවා කාලය නිමා කරමින් මෙලෙස ශ්‍රී ලංකාවෙන් පිටත්ව යනු ඇත.

ඇයගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ස්ථායීතාව සහ මානව හිමිකම් සම්බන්ධ කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ බවද සඳහන් වේ.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ පවතින හවුල්කාරිත්වයට කැපවී සිටින අතර චංග් තානාපතිවරියගේ වසර හතරකට ආසන්න ධුර කාලය තුළ ස්ථාපිත කරන ලද ශක්තිමත් පදනම තවදුරටත් ගොඩ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සමීපව කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

නව එක්සත් ජනපද තානාපතිවරයෙකු පැමිණෙන තෙක් නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ජේන් හොවෙල් මහත්මිය, වැඩ බලන තානාපති ධුරයේ කටයුතු කරනු ඇත.

2022 වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ වූ ජුලි චන්ග් තානාපතිවරිටගේ ධුර කාලය වැදගත් සන්ධිස්ථාන කිහිපයක් පහතින්,

COMMENTS