විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට රතු නිවේදන

විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට එරෙහිව මේ වන විට රතු නිවේදන ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා.
2024 වසරේදී රතු නිවේදන හරහා සැකකරුවන් 10 දෙනෙකු ද, 2025 වසරේදී රතු නිවේදන හරහා සැකකරුවන් 11 දෙනෙකු ද මෙරටට රැගෙන ආ බවයි අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
එමෙන්ම එම වසර දෙකෙහිදිම උදර්පන නීතිය හරහා සැකකරුවන් 21 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට ද හැකියාව ලැබුණු බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

