විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම මාසයක් තුළ

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මාසයක් තුළ සිදු කිරිමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය එම්. එම්. අයි. අර්කම් පැවසුවේ , ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.
එම ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කිරීමට අදාළව කාර්ය සාධක බලකායක්ද පිහිටවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

