පළමු එක්දින තරගයෙන් ලංකාවට ලකුණු 19ක ජයක්

එංගලන්තයට එරෙහි පළමු එක් දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 19කින් අද (22) ජය ගත්තේ ය.
ලකුණු 272ක ඉලක්කයක් හඹා ගිය එංලන්තයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 252 ක් පමණයි.
ෙතරගය නැරඹීමට විදෙස් ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයට එක්විය.
තරගය ආරම්භ කිරීමට පෙර 2026 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්රහකයන්ට හිමි වන කුසලානය ක්‍රීඩාංගනයට රැගෙන ආවේ පැරෂුට් මගිනි.
තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.
ඒ අනුව පැතුම් නිස්සංක සහ කමිල් මිශාර ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ය.
පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 21කට දැවී ගියේ ය.
කමිල් මිශාර ලකුණු 27යි.
නායක චරිත් අසලංක ලකුණු 17කට දැවී ගිය අතර ජනිත් ලියනගේ ලකුණු 46ක් රැස් කිරීමට සමත් විය.
කුසල් මෙන්ඩිස් 35වැනි අර්ධ ශතකය ද සමගින් නොදැවී ලකුණු 93ක් රැස් කළේ ය.
ඔහුගේ ඉනිමට 4පහර 11ක් ඇතුළත්.
දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 25යි.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6කට ලකුණු 271 රැස් කළේ ය.
එංගලන්ත පිළිතුරු ඉනිම ආරම්භ කළේ සැක් ක්‍රෝලි සහ බෙන් ඩකට්.
සැක් ක්‍රෝලි ලකුණු 6කට දැවී ගියා.
බෙන් ඩකට් සමගින් පිටියේ ස්ථාවර වූ ජෝ රූට් එංගලන්ත ඉනිම ගොඩ නැගීමට සමත් විය.
බෙන් ඩකට් ලකුණු 62යි,ජෝ රූට් ලකුණු 61යි.
කෙසේ වෙතත් එංගලන්ත ඉනිම ලකුණු 252කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
ඒ අනුව තරගය අවසන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 19ක ජයක් සනිටුහන් කරමින්.
මෙලොවින් සමුගත් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක නෝමන් ගිෆර්ඩ්ට උපහාර දැක්වීම පිණිස
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කළු පිට පැළැඳ තරග කරනු දැකගත හැකි විය.

