දකුණු මුහුදුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ගොඩබිමට

දකුණු මුහුදුදේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙක, දික්ඕවිට ධීවර වරායට රැගෙන විත් තිබේ.
අයිස් හා හෙරොයින් කිලෝග්‍රෑම් 270 ක් සහ ධීවරයින් 11 දෙනෙකු සමග එම යාත්‍රා අත්අඩංගුවට ගැනුණේ පෙරේදා පස්වරුවේ ය.
ඒ, පොලීසිය ලබාදුන් තොරතුරකට අනුව දකුණු මුහුදේ ස්ථාන දෙකක කළ සෝදිසි මෙහෙයුමකින් ය.
එක් යාත්‍රාවක ධීවරයින් 5 දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ ධීවරයින් 6 දෙනෙකු සිට තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කර්මාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ, මේ වනවිට එහි ඇති මත්ද්‍රව්‍ය තොගය නිශ්චිතව තක්සේරු කිරීම ආරම්භ කර ඇති බවයි.

