රන් මිල ඉතිහාසයේ ඉහළම අගයට

ලෝක වෙළඳපොළේ රන් මිල ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් 5,000 සීමාව පසු කරමින් අතිශය තීරණාත්මක වාර්තාවක් පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2025 වසරේදී 60%කට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කළ රන් මිලේ ඉහළ යාම, 2026 වසරේ මුල් සති කිහිපය තුළද එලෙසම රඳවා ගැනීමට සමත් වුණා.
අද දින පෙරවරුවේ ජාත්‍යන්තර වෙළඳපොළේ රන් අවුන්සයක මිල (Spot Gold) ඩොලර් 5,036.57 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇතැම් අවස්ථාවලදී එය ඩොලර් 5,043 සීමාවටද ළඟා වුණා.
රන් මිලට සමගාමීව රිදී මිලද ඉහළ ගොස් ඇති අතර එය අවුන්සයක් ඩොලර් 100 සීමාව පසුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වෙන්නේ.

