2025 අප­න­යන ආදා­යම ඩොලර් බිලි­යන 17.2 ඉක්ම­වයි

2025 අප­න­යන ආදා­යම ඩොලර් බිලි­යන 17.2 ඉක්ම­වයි

2025 වස­රේදී ශ්‍රී ලංකාවේ අප­න­යන ආදා­යම අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 17.2 ඉක්මවා ඇතැයි අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය පව­සයි.

එය අප­න­යන ඉල­ක්ක­යෙන් 94.79%කට වඩා වැඩි ප්‍රමා­ණ­යක් බව අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ (EDB) සභා­පති සහ ප්‍රධාන විධා­යක නිල­ධාරී මංගල විජේ­සිංහ මහතා ප්‍රකාශ කළේය.

2025 වස­රේදී ශ්‍රී ලංකාවේ අප­න­යන අංශය ශක්ති­මත්ව සිය වර්ධන වේගය අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන ගිය අතර, එය 5.6%ක වාර්ෂික වර්ධ­න­යක් වාර්තා කර ඇතැ­යිද සභා­ප­ති­ව­රයා සඳ­හන් කළේය. ශ්‍රී ලංකා රේගුවේ තාව­කා­ලික දත්ත­ව­ලට අනුව සහ අප­න­යන සංඛ්‍යා ලේඛන මත පද­නම්ව ඇස්ත­මේ­න්තු­ගත මැණික් හා ස්වර්ණා­භ­රණ සහ ඛණිජ තෙල් නිෂ්පා­දන එක්ව මුළු අප­න­යන ආදා­යම ඩොලර් මිලි­යන 17,252.15ක් විය. එය තිර­සාර වර්ධ­න­යක් සහ වැඩි දියුණු වන බාහිර වෙ‍ෙළඳ තත්ත්ව­යන් පෙන්නුම් කරන බව ද ඔහු පැවැ­සීය.

2025 දෙසැ­ම්බර් මාස­යේදී වෙ‍ෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශ­යන්හි මුළු අප­න­යන ආදා­යම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 1490.49 කි. එය 2024 වර්ෂයේ දෙසැ­ම්බර් මාස­යට සාපේ­ක්ෂව 3.95%ක වර්ධ­න­යකි. මෙම කාර්ය සාධ­නය ශ්‍රී ලංකාවේ අප­න­යන අංශයේ ශක්තිය සහ වෙ‍ෙළ­ඳ­පළ ප්‍රවේ­ශය පුළුල් කිරී­ම­ටත්, ගෝලීය තර­ග­කා­රි­ත්වය වැඩි දියුණු කිරී­ම­ටත් ක්‍රියා­ත්මක කරන ලද උපායමාර්ග­වල ඵල­දා­යී­තාව ඉස්මතු කරයි.

ප්‍රධාන වෙ‍ෙළ­ඳ­පොළ යථා තත්ත්ව­යට පත්වීම, තිර­සාර නිෂ්පා­දන ධාරි­තාව සහ අප­න­යන සංව­ර්ධන උපායමාර්ග ඵල­දායී ලෙස ක්‍රියා­ත්මක කිරීම මඟින් ශ්‍රී ලංකාවේ අප­න­යන අංශයේ ශක්ති­මත් භාවය සහ තර­ග­කා­රි­ත්වය අව­ධා­ර­ණය කරන බව ඔහු සඳ­හන් කළේය. 2025 දෙසැ­ම්බර් මාස­යේදී වෙ‍ෙළඳ භාණ්ඩ අප­න­ය­නය වාර්ෂි­කව 5.88%කින් වර්ධ­නය වී අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 1166.60ක් දක්වා ළගා වී ඇත. ශ්‍රී ලංකා රේගුවේ තාව­කා­ලික දත්ත­ව­ලට අනුව, එම සංඛ්‍යා­වට මැණික් හා ස්වර්ණා­භ­රණ සහ ඛනිජ තෙල් නිෂ්පා­දන සඳහා වූ ඇස්ත­මේ­න්තු­ගත ආදා­යම ද ඇතු­ළත් වේ. 2025 වර්ෂය සඳහා, වෙ‍ෙළඳ භාණ්ඩ අප­න­යන ආදා­යම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 13,579.38ක් වූ අතර එය 2024ට සාපේ­ක්ෂව 6.32% ක වැඩි­වී­මක් පිළි­බිඹු කරයි. 2025 දෙසැ­ම්බර් මාස­යේදී සේවා අප­න­යන ආදා­යම 2.47%කින් පහත වැටී අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 323.89ක් වූ බවට ඇස්ත­මේන්තු කර ඇත. නමුත් වාර්ෂික පද­න­මින්, සේවා අප­න­යන 2025 දී 2.79% ක වර්ධ­න­යක් වාර්තා කළ අතර එය මුළු අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 3,672.77 කි. තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ (ICT)/ව්‍යාපාර කළ­ම­නා­ක­රණ (BPM), ඉදි­කි­රීම්, මූල්‍ය සේවා සහ ප්‍රවා­හන හා සැප­යුම් යන අංශ­ය­න්ගෙන් සම­න්විත සේවා අප­න­යන අංශය, ශ්‍රී ලංකාවේ අප­න­යන ක්ෂේත්‍ර්‍ර‍ය විවි­ධාං­ගී­ක­ර­ණය කර­මින් දිව­යින පුරා ඉහළ වටි­නා­ක­මක් ඇති රැකියා අවස්ථා නිර්මා­ණය කිරීම අඛ­ණ්ඩව සිදු කරයි.

COMMENTS