CEB සේවකයින්ට VRS ඉල්ලුම් කාලය අදින් අවසන්

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කිරීමට දී තිබූ කාලය අදින් අවසන් වේ.
බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ, මේ වන විට සේවකයින් 2400කට අධික සංඛ්‍යාවක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කර ඇති බවයි.
එම සේවකයින් සඳහා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමෙන් පසු වන්දි ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබේ.
අමාත්‍යංශය සඳහන් කළේ, රුපියල් ලක්ෂ 50 ක උපරිමයකට යටත්ව වන්දි ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති බවයි.
එහිදී සේවා කාලය හා තනතුරෙහි ස්වභාවය අනුව ලැබෙන වන්දිය වෙනස් වන අතර විදුලිබල මණ්ඩලය ඈවර කිරීමට තවත් සති දෙකකට අධික කාලයක් ගතවනු ඇති බවද බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.
මේ අතර විදුලිබල මණ්ඩලය ඈවර කිරිම සඳහා පිහිටුවූ ආයතන 6 හි වැඩ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන අතර එම ආයතන සඳහා මණ්ඩලය සතු ඉඩම් රථවාහන පවරා ගැනීම හා සේවකයින් අනුයුක්ත කිරීම මේ දිනවල සිදු කෙරෙන බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

