කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – කඩදොර විහාරයේ නටඹුන් මතුවෙයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – කඩදොර විහාරයේ නටඹුන් මතුවෙයි

දිට්වා සුලි කුණාටුවෙන් පසු කොත්මලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීමත් සමග ජලාශය ඉදි කිරීමේදී යට වූ කඩදොර විහාරස්ථානයේ නටඹුන් මතු වීමට පටන්ගෙන තිබෙනවා.

එම විහාරස්ථානයේ බුදු පිළිමය ඇතුලු විහාරස්ථානයේ නටඹුන් මතු වීමත් සමග එම නටඹුන් දැක බලා ගැනීමට විශාල පිරිසක් දිනපතා කඩදොර විහාරස්ථානය අසළට පැමිණෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.

මේ වන විට ජලාශයේ රොන් මඩ සහ වැලි විශාල වශයෙන් තැන්පත් වී ඇති බවයි දැකගත හැකි වන්නේ.