අද සිට තැපැල් ගාස්තු ඉහළට

අද සිට තැපැල් ගාස්තු ඉහළට

දේශීය තැපැල් ගාස්තු සංශෝධනය අද(09) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව රුපියල් 50ක් වූ අවම මුද්දර ගාස්තුව, රුපියල් 70ක් දක්වා ඉහළ යන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

සාමාන්‍ය, ව්‍යාපාරික ලිපි සේවාවේ මූලික බර, ග්‍රෑම් 20 සිට ග්‍රෑම් 30 දක්වා සංශෝධනය කර තිබේ.

ප්‍රචාරණ පත්‍රිකා බෙදා හැරීමේ ගාස්තුව, බෙදීම් කලාපය තුළ හා පරිබාහිර බෙදීම් කලාපය ලෙස කොටස් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව පත්‍රිකාවක හෝ පත්‍රිකා කට්ටලයක උපරිම බර, ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 120 දක්වා ඉහළ නංවා තිබේ.

COMMENTS