ජනපති අනුර පාකිස්තාන අගමැතිට ස්තූතිය පළ කරයි

ජනපති අනුර පාකිස්තාන අගමැතිට ස්තූතිය පළ කරයි

2026 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ලොවම බලා සිටින ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ලබන පෙබරවාරි 15 වැනිදා කොළඹ දී පැවැත්වීමට පාකිස්තාන රජය අවසර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඒ අනුව, අප කවුරුත් ආදරය කරන මෙම ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික වීම ගැන පාකිස්තාන අගමැතිවරයාට සිය ස්තූතිය පළ කරන බවයි ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබෙන්නේ.

ජනාධිපතිවරයා සහ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අතර මෙම කාරණය සම්බන්ධයෙන් ඊයේ (09) විශේෂ දුරකථන සංවාදයක් ද පවත්වා තිබුණා.

COMMENTS