දීගල සමන්ට අයත් කෝටි දෙකක නිවසක් තහනම් කරයි

දීගල සමන්ට අයත් කෝටි දෙකක නිවසක් තහනම් කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරගතව සිටින අජිත් පෙරේරා හෙවත් ‘දීගල සමන්’ නැමැත්තාගේ සුඛෝපභෝගී නිවසක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කර තිබෙනවා.

අවිස්සාවේල්ල, දෙහිඕවිට ප්‍රදේශයේ පිහිටා ඇති රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් අදාළ නිවස ඔහුගේ අනියම් බිරිඳට මිලදී ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරුට එම නිවස මිලදී ගැනීම සඳහා මුදල් උපයා ගත් ආකාරය පැහැදිලි කිරීමට නොහැකිවීම හේතුවෙන්, එය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් මිලදී ගෙන ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

COMMENTS