ජින්තුපිටියේ හා වස්කඩුවේ වෙඩි තැබීම් ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 8ක්

ජින්තුපිටියේ හා වස්කඩුවේ වෙඩි තැබීම් ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 8ක්

කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේ සහ කළුතර වස්කඩුව වාඩියමණ්කඩ ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබිම් සම්බන්ධයෙන්, පොලිස් කණ්ඩායම් 08ක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ.

පොලීසිය පැවසුවේ සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇති වූ මතගැටුම් හේතුවෙන් එම වෙඩි තැබීම් සිදුකර ඇති බවයි.

කළුතර, වස්කඩුව, වාඩියමංණ්කඩ නොම්බර 01 දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියේ ය.

මියගොස් ඇත්තේ 32 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඊයේ රාත්‍රී 7.45 ට පමණ වෙළෙඳසැලක් අසළදී එම වෙඩි තැබීම සිදුවිය.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරු, වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියේය.

මේ අතර කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ, උඩු මහලක පිහිටි බාබර් සාප්පුවක් තුළ වෙඩි තැබීමක් ඊයේ රාත්‍රි 8.15 ට පමණ සිදුවිය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති අතර සිද්ධියෙන් එක් අයෙකු මිය ගොස් තවත් 4 දෙනෙකු තුවාල සිදුවිය.

මියගොස් ඇත්තේ 20 හැවිරිදි මන්නරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාල ලබා ඇත්තේ 19, 27 හා 28 වයස්වල පසුවන සිලාවතුර ග්‍රෑන්ඩ්පාස් හා කොටහේන ප්‍රදේශවල පදිංචිකරුවන්.

තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS