IMF අධ්‍යක්ෂ, ක්‍රිස්ටලිනා අද දිවයිනට

IMF අධ්‍යක්ෂ, ක්‍රිස්ටලිනා අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ, ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අද(16) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ, මෙම සංචාරය අතරතුර ඇය රජයේ බලධාරීන් සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වනු ඇති බවයි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ බලපෑම ඇය එම සංචාරයේදී පෞද්ගලිකවම නිරීක්ෂණය කරනු ඇති.

සිදුවූ හානිය යථා තත්ත්වයට පත් කිරීමට සහ සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහාය විය හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමද ඇයගේ මෙම සංචාරයේ අරමුණවී ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ, ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන 18 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

COMMENTS