රජයේ වී මිල ප්රකාශයට පත් කෙරේ

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (16) නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140 කට හා සම්බා වී කිලෝ එකක් රුපියල් 130 කට මිල දී ගන්නා බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ.
එසේම නාඩු වී, වී අලෙවි මණ්ඩලය විසින් රුපියල් 120 කට මිල දී ගන්නා බවයි එම මණ්ඩලය වැඩිදුරටත් ප්රකාශ කළේ.

