වාර් තා රැසක් තබමින් සිංහයන් කැන්ගරුවන් දන ගස්වයි

වාර් තා රැසක් තබමින් සිංහයන් කැන්ගරුවන් දන ගස්වයි

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16) පැවති තරගයෙන් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩාම පරාජය කර කඩුලු 8ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව සුපිරි අටදෙනාගේ වටය සඳහා සුදුසුකම්ද හිමිකර ගත්තා.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ ඔස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 182ක ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී තරගයේ 18 වන පන්දු වාරයේ දී පසුකර යාමට ශ්‍රී ලංකාවට හැකි වුණා.

මෙම තරගයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 100ක් රැස් කළ අතර, එය මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ පිතිකරුවෙකු රැස්කළ පළමු ශතකයත් වීමත් විශේෂත්වයක්.

පන්දු 52කදී ගොඩ නැගූ ඔහුගේ ශතක ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 10ක් ඇතුළත්.

ඔහුට අමතරව කුසල් මෙන්ඩිස් පන්දු 38කින් ලකුණු 51ක්ද පවන් රත්නායක පන්දු 15කින් නොදැවී ලකුණු 28ක්ද රැස් කළා.

COMMENTS