ලක්ෂ 20කට අස්වැසුම දීලා

අස්වැසුම ප්රතිලාභ ලැබූ, නොලැබූ සියලු දෙනා හෙට (20) දින අවසන් වීමට පෙර තම තොරතුරු සමාජ සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වෙත දැනුම් දෙන්නැයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. වසර 2023 සමාජ සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වෙත අස්වැසුම ප්‍රතිලාභය ලබාගැනීමට ඉල්ලුම් කර තොරතුරු ලබාදුන් පිරිස, නැවත වතාවක් තොරතුරු යාවත්කාලීන කළ යුතු බවත්, අස්වැසුම ලැබුණා හෝ නොලැබුණා හෝ නොසිතා ඉක්මනින් තම අලුත්ම තොරතුරු ලබාදෙන්නැයි ප්රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා පැවසීය.
ලක්ෂ 27ක පිරිසක් මේ වන විට අස්වැසුම ප්‍රතිලාභය සඳහා සිය තොරතුරු ලබා දී තිබේ. එම පිරිස අතරින් මේ වන විට ලක්ෂ 20කට පමණ අස්වැසුම ප්‍රතිලාභය ලබාදී තිබේ. මෙලෙස තොරතුරු යාවත්කාලීන නොකළ පිරිස 80,000ක් පමණ වන බවත් ඉක්මනින්ම තම තොරතුරු යාවත්කාලීන කර, කාලය දීර්ඝ කිරීමේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස සභාපතිවරයා ප්රතිලාභීන්ගෙන් ඉල්ලා සිටී.

