ලක්ෂ 20කට අස්වැ­සුම දීලා

ලක්ෂ 20කට අස්වැ­සුම දීලා

අස්වැ­සුම ප්‍රති­ලාභ ලැබූ, නොලැබූ සියලු දෙනා හෙට (20) දින අව­සන් වීමට පෙර තම තොර­තුරු සමාජ සුබ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩ­ලය වෙත දැනුම් දෙන්නැයි මුදල් අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කරයි. වසර 2023 සමාජ සුබ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩ­ලය වෙත අස්වැ­සුම ප්‍රති­ලා­භය ලබා­ගැ­නී­මට ඉල්ලුම් කර තොර­තුරු ලබා­දුන් පිරිස, නැවත වතා­වක් තොර­තුරු යාව­ත්කා­ලීන කළ යුතු බවත්, අස්වැ­සුම ලැබුණා හෝ නොලැ­බුණා හෝ නොසිතා ඉක්ම­නින් තම අලුත්ම තොර­තුරු ලබා­දෙ­න්නැයි ප්‍රති­ලාභ මණ්ඩ­ලයේ සභා­පති සහ කොම­සා­රිස් නිමල් කොට­ව­ල­ගෙ­දර මහතා පැව­සීය.

ලක්ෂ 27ක පිරි­සක් මේ වන විට අස්වැ­සුම ප්‍රති­ලා­භය සඳහා සිය තොර­තුරු ලබා දී තිබේ. එම පිරිස අත­රින් මේ වන විට ලක්ෂ 20කට පමණ අස්වැ­සුම ප්‍රති­ලා­භය ලබාදී තිබේ. මෙලෙස තොර­තුරු යාව­ත්කා­ලීන නොකළ පිරිස 80,000ක් පමණ වන බවත් ඉක්ම­නින්ම තම තොර­තුරු යාව­ත්කා­ලීන කර, කාලය දීර්ඝ කිරීමේ අව­ස්ථා­වෙන් ප්‍රයෝ­ජන ගන්නා ලෙස සභා­ප­ති­ව­රයා ප්‍රති­ලා­භී­න්ගෙන් ඉල්ලා සිටී.

COMMENTS