මෛත්‍රී වික්‍රමසිංහ විසින් අද දිනයේ CID වෙත පැමිණීමට නොහැකි බව දැනුම් දෙයි

මෛත්‍රී වික්‍රමසිංහ විසින් අද දිනයේ CID වෙත පැමිණීමට නොහැකි බව දැනුම් දෙයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බවට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, ඇය ප්‍රකාශයක් ලබාදීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා ඇති බවයි සඳහන් වෙන්නේ.

මෛත්‍රී වික්‍රමසිංහට ලබාදුන් අදාළ කැඳවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 18 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෛත්‍රී වික්‍රමසිංහට මෙලෙස කැඳවීමක් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

COMMENTS