කොළඹ මහ නගර සභාවේ සිදු වූ දූෂණ හා වංචා ගැන පැමිණිලි ලබා ගැනීමේ කාලය වැඩි කරයි

කොළඹ මහ නගර සභාවේ සිදු වූ දූෂණ හා වංචා ගැන පැමිණිලි ලබා ගැනීමේ කාලය වැඩි කරයි

කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පැමිණිලි ලබා ගැනීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, මහජන පැමිණිලි ලබා ගැනීමේ කාලය 2026 මාර්තු මස 16 වන දින දක්වා දීර්ඝ කර ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම්, දේපළ සාපරාධී අපහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් හා පත් කිරීම්, නීති විරෝධී සැලසුම්, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ හරහා සොයා බැලීමට නියමිතයි.

ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කොමිෂන් සභාවේ ලේකම් වෙත පහත ලිපිනයට එවීමට දැනුම් දෙන බවයි එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

COMMENTS