විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක්

ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ භාරකාර මණ්ඩලය විසින් එක්වරක් පමණක් පිරිනැමෙන විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ඒ, පසුගිය වසර අවසානයේදී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ ආපදාවට ලක් වූ විශ්වවිද්‍යාල සිසුන්ට ආර්ථික සහන සැලසීම සඳහාය.
එම විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර තිබේ.
අදාළ අයදුම්පත්‍ර www.mahapola.lk යන මහපොළ වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.

