රත්වුණු මැද පෙරදිග අලුත්ම තත්ත්වය

රත්වුණු මැද පෙරදිග අලුත්ම තත්ත්වය

UPDATE – 07. 22 ඉරානයේ ගිනිකොණදිග වරායක් වන චබහාර්හි පිපිරීමක් වාර්තා වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි.


UPDATE – 07. 20 උතුරු ඉරාකයේ කුර්දි කාලාපයේ පිහිටි අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් එල්ල කිරීමට සැලසුම් කළ ඩ්‍රෝන ප්‍රහාරයක් ව්‍යර්ථ කර තිබේ.


UPDATE – 07. 19 කලාපයේ ප්‍රහාර මධ්‍යයේ ඇතැම් තෙල් සහ වෙළෙඳ සමාගම් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමන කටයුතු අත්හිටුවා තිබේ.


UPDATE – 07. 18 මැදපෙරදිග මතුව ඇති තත්ත්වය හමුවේ ඕමානය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලීමක් කර තිබේ.

සටන් විරාමයක් පැනවීමට සහ ජාත්‍යන්තර ප්‍රජාව ජාත්‍යන්තර නීතියට සහාය දැක්වීම සඳහා පැහැදිලි ස්ථාවරයක් ලබා ගැනීමට මෙම රැස්වීම කැඳවන ලෙස ඕමානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

UPDATE – 06. 22 එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් එල්ල වූ නව මිසයිල රැල්ලක් වළක්වා ගත් බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.


UPDATE – 06. 18 ඉරානයේ බාලිකා පාසලට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 51 දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රහාරයෙන් තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍යක් වන IRNA මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රහාරය සිදුවන විට සිසුවියන් 170ක් එම ස්ථානයේ සිට ඇති බවත් ගලවා ගැනීම් මෙහෙයුම් තවමත් සිදුවෙනු ඇතැයිද එම මාධ්‍ය වාර්තා කර ඇත.


UPDATE – 06. 14 ඉරානයෙන් තවත් මිසයිල රැල්ලක් පැමිණිය හැකි බවට ඊශ්‍රායල හමුදාව අනතුරු අඟවා තිබේ.

ඊශ්‍රායල සහ එක්සත් ජනපදය ඉරානයට එරෙහිව ඒකාබද්ධව ප්‍රහාර දියත් කිරීමෙන් පසු ඊශ්‍රායලය විටින් විට එරට ජනතාවට අනතුරු ඇඟවීම් සිදුකර ඇති තිබේ.

මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ 6වන වතාවටය.


UPDATE – 06. 10 බහරේනය පුරා සයිරන් හඬ නංවා ඇතැයි බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.


UPDATE – 06.02 රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි අතර දුරකථන සංවාදයක් පවත්වා ඇති අතර එහිදී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරය හෙළා දැක තිබේ.


UPDATE – 05.58 ඩුබායි ගුවන්තොටුපොළේ සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු එම ගුවන් ගමන් අත්හිටුවා ඇත.


UPDATE – 05.57 කටාර් අගනුවර තුළ වරින් වර පිපිරීම් ශබ්ද ඇසෙමින් පවතින බව වාර්තා වේ.

කටාර් සහ අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන් දෙසට මිසයිල කිහිපයක් එල්ල කිරීමෙන් පසු මෙම නවතම පිපිරීම් මාලාව සිදුව ඇත.

කටාර් ආරක්ෂක අංශ විසින් ඉරාන මිසයිලවල බිඳ හෙළීමට අඛණ්ඩව උත්සාහ ගනිමින් සිටින බවත් වාර්තා වේ.


UPDATE – 05.48 ඊශ්‍රායලය පුරා මහජන රැස්වීම් තහනම් කර ඇති අතර පාසල් සහ සේවා ස්ථාන වසා දමා ඇතැයි වාර්තා වේ.

රෝහල්, රෝගීන් භූගත පහසුකම් වෙත ගෙන ගොස් ඇති අතර ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර පිළිබඳව මහජනතාවට අනතුරු අඟවමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.


UPDATE – 05.43 තම භූමිය ඉලක්ක කරගත් ප්‍රහාර කිහිපයක් සාර්ථකව මැඩපැවැත්වූ බවත්, තර්ජන හඳුනාගත් වහාම සහ පූර්ව අනුමත ආරක්ෂක සැලැස්මට අනුකූලව කටයුතු කළ බවත් කටාර් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.


UPDATE – 05.41 තම රට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය යටතේ තම ආරක්ෂාව සඳහා සියලු හමුදා ක්‍රියාමාර්ගයන් භාවිත කරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.

සෞදි අරාබිය, එක්සත් ආරබි එමීර් රාජ්‍ය, කටාර්, කුවේට්, බහරේන් සහ ඉරාකය ඇතුළු රටවල සගයන් සමග තමන් සාකච්ඡා කළ බවත් ඉරානයේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ස්වයං ආරක්ෂක නීත්‍යානුකූල අයිතිය යටතේ සියලු ක්‍රමයන් භාවිත කරන බවද ඔහු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


UPDATE – 05.34 ඉරානය සිය පළමු මහා පරිමාණ ඩ්‍රෝන ප්‍රහාරය ඊශ්‍රායලයට එල්ල කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රහාරක ඩ්‍රෝන යානා රැසක් භාවිත කරමින් ඔවුන් ප්‍රති ප්‍රහාර එල්ල කර ඇතැයිද සඳහන් වේ.


UPDATE – 05.29 ඉරාන මිසයිල ප්‍රහාරයකින් පසු එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන බලඇණියේ මූලස්ථානය පිහිටා ඇති අසල්වැසි ප්‍රදේශයකින් ජනතාව ඉවත් කරමින් සිටින බව බහරේනය පවසා තිබේ.

ඒ අනුව මේ වන විටත් එම ඉවත් කිරීම් කටයුතු ආරම්භ කර ඇතැයිද එරට අභ්‍යන්තර අමාත්‍යාංශය සඳහන් කර ඇත.


UPDATE – 05.20 ඉරානයේ බාලිකා පාසලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍යක් වන IRNA පුවත් සේවය වාර්තා කර තිබේ.


UPDATE – 05.15 ඉරානයට ගුවනින් සහ මුහුදින් පුළුල් ප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදුකරන බව අමෙරිකා එක්සත් ජනපද නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.


UPDATE – 05.10 ඉරානයට එරෙහි අනවශ්‍ය ප්‍රහාර දැඩි ලෙස හෙලා දකින බව පාකිස්තාන විදේශ අමාත්‍ය ඉශාක් ඩාර් ප්‍රකාශ කර තිබේ.

අර්බුදයට සාමකාමී සාකච්ඡාමය විසඳුමක් ලබා ගැනීම සඳහා රාජ්‍ය ත්‍රාන්ත්‍රික කටයුතු යළි ආරම්භ කළ යුතු බව ඔහු පවසා ඇත.

UPDATE – 04.58 මැදපෙරදිග සියලු ගුවන් ගමන් අත්හිටුවීමට සියලු ගුවන් සමාගම් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව තත්ත්වය සමනය වන තෙක් මැදපෙරදිග වෙත ගමන් ගන්නා සියලු ගුවන් ගමන් මෙලෙස අත්හිටුවා ඇත.


UPDATE – 04.56 බාලිකා පාසලක් ඉලක්ක කර එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් එම පාසලේ සිසුවියන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන බලධාරින් පවසයි.


UPDATE – 04.51 -ඉරානයෙන් ඊශ්‍රායලය වෙත නැවතත් ප්‍රහාර එල්ල කර තිබේ.

එ් අනුව ඉරානය විසින් ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම මිසයිල විනාශ කිරීමටද ඊශ්‍රායලය කටයුතු කර ඇතැයිද වාර්තා වේ.

එමෙන්ම ඊශ්‍රායලය පුරා සයිරන් නාද කර ඇති බවත් සඳහන්ය.


UPDATE – 04.40 – ඉරාන ජාතික ආරක්ෂිත කවුන්සිලය ටෙහෙරාන් අගනුවර පදිංචිව සිටින පදිචිකරුවන්ට ඉන් ඉවත්ව යන ලෙස දැනුම් දී තිබේ.

සන්සුන්ව සහ ආරක්ෂිතව සිටින ලෙස දැනුම්දී ඇති අතර හැකිනම් පවතින තත්ත්වය හමුවේ වෙනත් නගරයකට ගමන් කරන ලෙසත් ආරක්ෂිත කවුන්සිලය දන්වා තිබේ.


UPDATE – 04.30 මැදපෙරදිග රටවල පිහිටි ගමනාන්ත සහ එම ගුවන් අවකාශ භාවිතා කරන ක්‍රියාත්මක වන ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සහ ෆිට්ස් ගුවන් සමාගම් තීරණය කර තිබේ.


UPDATE – 04.28 කටාර් අගනුවර සහ වයඹ දිග ඉරානයේ පිපිරීම් කිහිපයක් වාර්තා වී තිබේ.


UPDATE – 04.25 ඉරානයට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කය වී ඇත්තේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සයිඩ් අබ්දුල් රහීම්, සහ ජනාධිපති මසූර් පෙසෙස්කියන් ඇතුළු ජ්‍යෙෂඨ ඉරාන පුද්ගලයින් පිරිසක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


UPDATE – 04.21 – ඊශ්‍රායලයේ ටෙල්අවිවී ප්‍රදේශයේ පිපිරීම් කිහිපයක් වාර්තා වී තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය ගුවන් සේවය මාර්තු 03 වන දින දක්වා ටෙල්අවිවී සහ බහරේන් වෙත සිය ගුවන් ගමන් අවලංගු කර තිබේ.
මැදපෙරදිග සියලුම ගුවන්ගමන් අත්හිටුවීමට Air India තීරණයක්

පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට එයාර් ඉන්දියා තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසා ඇත්තේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩල ආරක්ෂාව පවත්වා ගැනීමට මෙම පියවර ගත් බවය.

මේ අතර නැවත දැනුම්දෙන තුරු ඊශ්‍රායලය තුළ අත්‍යවශ්‍ය නොවන සහ අනවහ්‍ය ගමන්වලින් වැළකී සිටින ලෙස ඉන්දියාව සිය ජාතිකයින්ට දැනුම් දී තිබේ.

ඉරානයේ අන්තර්ජාල පහසුකම් අත්හිටුවයි

ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපද ඉරානයට එල්ල කරන ප්‍රහාර මධ්‍යයේ මේ වන විට එරට අන්තර්ජාල සේවාව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

අන්තර්ජාල නිරීක්ෂණ ආයතනයක් වන NetBlocksට අනුව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉරානය පූර්ණ වශයෙන් අන්තර්ජාල සේවාව අවහිර කර ඇති බවය.

ඉරානයේ අන්තර්ජාල සේවාව වසා දැමීම මින් පෙරද සිදුවූ අතර ඒ රට පුරා පැතිර ගිය දැවැන්ත විරෝධතා අතරතුරය.

COMMENTS