ඉන්ධන මිල වෙනස් වුන හැටි

ඉන්ධන මිල වෙනස් වුන හැටි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

වැඩි වූ මිල සහ නව මිල පහතින්.

  • සුදු ඩීසල් – රු.04 කින් (නව මිල රු.281)
  • සුපිරි ඩීසල් – රු.06 කින් (නව මිල රු.329)
  • පෙට්‍රල් 92 – රු.01 කින් (නව මිල රු.293)

මිල නොවෙනස්වන ඉන්ධන වර් ග

  • පෙට්‍රල් 95 – මිල රු.340
  • භූමිතෙල් – මිල රු.182

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිළ ඉහළ දැමීමට සාපේක්ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම හා සිනොපෙක් සමාගම්ද ඉන්ධන මිළ ගණන් ඉහළ දමා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා සුදු ඩීසල්, සුපිරි ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ගණන් ඉහළ දැමුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ආකාරයෙන් ය.

ඒ අනූව සුදු ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 4 කින් ය.

එහි නව මිල, රුපියල් 281 කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල, රුපියල් 6 කින් ඉහළ දමා ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ ය.

ඒ සමගම, සුපිරි ඩීසල් ලීටරයක මිල, රුපියල් 329 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින් ඉහළ දැමීමත් සමග, එහි නව මිල, රුපියල් 293 කි.

COMMENTS