අද දිනයේ මැදපෙරදිගට යන ශ්රී ලංකන් ගුවන් සේවයේ සියලු යානා අවලංගු කරයි

ශ්රී ලංකන් ගුවන් සේවයේ මැදපෙරදිග බලා යන සියලු ගුවන් ගමන් අද දිනයේ අවලංගු කිරීමට ශ්රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මැදපෙරදිග මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති අතර, තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

