ඉන්ධන බෙදා හැරීම අදත් අඛණ්ඩව

ඉන්ධන බෙදා හැරීම අදත් අඛණ්ඩව

ඉන්ධන බෙදා හැරීම අද දිනයේත් අඛණ්ඩව සිදු වූ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කළේ, ඉන්ධනහල් අසළ පසුගිය දින කිහිපයේ පෝලිම් පැවතුනද අඛණ්ඩ සැපයුම මගින් කෘතීමව සැකසුණු ඉන්ධන ඉල්ලුම මත ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය නොවූ බවයි.

ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 6400ක්, 92 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5950ක්, 95 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 380ක් ලංකා සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 220ක්. ඊයේ දිනයේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් නිකුත් කර තිබේ.

COMMENTS