මාර් තු මාසයේ ගෘහස්ථ ගෑස් මිලෙහි වෙනසක් නැහැ

මාර්තු මාසයට අදාළව ගෘහස්ත ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
පසුගිය පෙබරවාරි මාසයේදීද, ලිට්රෝ මිල ගණන් වල සංශෝධනයක් සිදුවූයේ නැත.
ඒ අනුව කිලෝග්රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690 ක් ලෙස පවතින අතර, කිලෝග්රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482 ක්.
කිලෝග්රෑම් 2යි දශම 3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694 ක් බව ලිට්රෝ සමාගම සඳහන් කළේ ය.
මේ අතර මාර්තු මාසය සඳහා ගෑස් මෙට්රික් ටොන් 38000 ක් ඇණවුම් කර ඇතැයි ලිට්රෝ සමාගම පවසන ලදි.
ඉන් මේ වන විට ගෑස් මෙට්රික් ටොන් 7 800 ක් මෙරටට ළඟා වී තිබේ.

