IRINS Bushehr නෞකාවේ සිටි 204 දෙනෙකු කොළඹ වරායට

IRINS Bushehr නෞකාවේ සිටි 204 දෙනෙකු කොළඹ වරායට

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ ‘IRIS Bushehr’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊයේ (5) පවසා සිටියේ, අදාළ නෞකාවද ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බවය.

මෙම නෞකාවේ 208ක කාර්ය මණ්ඩලයක් සිටින බවත්, ඔවුන්ව වැලිසර නාවික හමුදා කඳවුරවෙත රැගෙන යන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ඒ අනුව ඔවුන්ගේ ලියාපදිංචිය, වෛද්‍ය පරීක්ෂණ හා ආහාර වැලිසර නාවික හමුදා කඳවුර වෙතින් සිදුකරනු ඇත.

‘IRIS Bushehr’නෞකා කාර්ය මණ්ඩලයෙන් 53ක් නිලධාරීන් වන අතර, 54ක් කැඩෙට් නිලධාරීන් වේ.

එමෙන්ම තවත් 48ක ජ්‍යෙෂ්ඨ නාවිකයන්ද හා 23කගෙන් යුත් නාවිකයන් පිරිසක්ද සිටින බවත් සඳහන් වේ.

COMMENTS