මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය මාර් තු 10

මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය මාර්තු 10 ඇරඹෙයි
මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය – 2026 මාර්තු 10 වන දින ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කර තිබෙනවා.
ජාතික මුඛ සමීක්ෂණය සාර්ථක කරගැනීම සඳහා මහජන සහයෝගය ලබා ගැනීමේ අරමුණින් මාධ්‍ය හරහා ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී ඊයේ (06) පෙරවරුවේ පැවැත්වුණා.
විවිධ රට වල මුඛ සෞඛ්‍ය තත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා වසර 10 කට වරක් වත් ජාතික මට්ටමේ මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් සිදු කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization) නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව මාර්තු මස 10 දින සිට සිට නොවැම්බර් මස දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසැල් සිසුන්ගේ හා වැඩිහිටි වයස් කාණ්ඩ වල අහඹු ලෙස තෝරා ගත් 10,000 ක නියැදියක දත්ත එකතු කිරීම කිරීමටයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කර ඇත්තේ.
මෙහිදී පාසල් ළමුන්ගේ දත්ත පාසල් පරිශ්‍රයන් තුළ දී මෙන්ම වැඩිහිටියන්ගේ දත්ත නිවෙස් වෙත ගොස් ලබා ගැනීමට නියමිත අතර, එහිදී මුඛ සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නාවලියක් සම්පූර්ණ කර ගැනීමටත්, මුඛ සෞඛ්‍ය පරීක්ෂාවක් සිදු කිරීමටත් නියමිතයි.
මෙම සමීක්ෂණයේ දී ලබාගන්නා දත්ත ඉදිරි සේවා සැළසුම් කිරීම අතිශය වැදගත්වන බැවින් ඉහත සමීක්ෂණ කටයුතු සඳහා නිවෙස් වෙත සහ පාසල්වෙත පැමිණෙන වෛද්‍ය කණ්ඩායම් සඳහා උපරිම සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම මාධ්‍ය හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) අංශය එක්ව සංවිධාන කර තිබුණා.

