ඉරානයේ නව උත්තරීතර නායකයා පත්වෙයි

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස, මොජ්ටාබා කමේනි පත්කරගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබේ.
ඔහු, පසුගියදා ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වේ.
56 හැවිරිදි මොජ්ටාබා හමනේයි, 1980 දශකයේ ඉරාක ඉරාන යුද්ධයේදී, ඉරාන හමුදාව වෙනුවෙන් සටන් කළ අයෙක්.
කෙසේ නමුත් ඔහු කිසිදු අවස්ථාවක මහජන ඡන්දයක් සඳහා පෙනී සිට නොමැති අතර, ප්‍රසිද්ධ දේශනා පැවැත්වීමෙන්ද වැළකී සිටි අයෙකු බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
අධිකරණයේ සහ ආරක්ෂක හමුදාවේ බලය හිමි, ඉරාන පාලන තන්ත්රයේ ඉහළම තනතුර ලෙස, “උත්තරීතර නායකයා” සැලකේ.

