දෙවුන්දරදී කොටු වූ යාත්‍රාවේ රුපියල් බිලියන 3ක හෙරොයින්

දෙවුන්දරට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ බව, තහවුරු කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා සහ අදාළ යාත්‍රාව, අද (16) උදෑසන දික්ඕවිට වරායට රැගෙන එන ලදි.
එහි තිබූ උරවල අඩංගු හෙරොයින් ප්‍රමාණය ගණනය කිරීම මේ වන විට සිදුකරන බව නාවික හමුදාව සදහන් කළේ ය.
අදාළ මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සහ නාවික හමුදාපතිවරයා ද, දික්ඕවිට වරායට පැමිණ ඇත.
ඒ අනුව එම යාත්‍රාව තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අතර එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 3කට ආසන්න බවද සඳහන් කළේය.
දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම බහුදින ධීවර යාත්‍රාව ඊයේ (15) දිනයේදී නාවික හමුදාව විසින් වැටලූ අතර ඒ තුළ තිබූ මත්ද්‍රව්‍ය උර 6ක් ද නාවික හමුදා භාරයට ගනු ලැබීය.

