ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන්

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන්

ශ්‍රීලන්කන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා රජය එක්ව ගුවන් සමාගමේ ජාත්‍යන්තර බැඳුම්කර (International Bond) ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර ඇති බව වාර්තා වේ.

මෙම ගනුදෙනුව සඳහා 99%කට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර, එය ගුවන් සමාගමේ ආර්ථික ප්‍රතිසාධනයේ වැදගත් පියවරක් ලෙස සැලකේ.

අදාළ ගිවිසුම යටතේ 16%ක කප්පාදුවක් සහ නව බැඳුම්කර නිකුත් කිරීමක් සිදු කර ඇති අතර, එමගින් ශ්‍රීලන්කන් ගුවන් සේවය ආයතනයේ මූල්‍ය ස්ථායීත්වය ශක්තිමත් කිරීමට සහ රටේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය ලබා දීමට හැකි වන බව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සඳහන් කරයි.

COMMENTS