තාවකාලිකව අත්හිටවූ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් යළි ඇරඹෙයි

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් නැවත ආරම්භ කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව අද (24) උදෑසන 11 සිට නැවත සියලු මහජන සේවාවන් ක්රියාත්මක කර ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

