ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකානුවන් දහස් ගණනක් පාරට එයි

අමෙරිකා එක්සත් ජනපදය පුරා ප්‍රධාන නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ.
මෙය මීට පෙර මිලියන සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ “රජවරුන් එපා” (No Kings) විරෝධතාවල තෙවන අදියර සනිටුහන් කර ඇත.
ඉරානය සමඟ ඇති යුද්ධය, ෆෙඩරල් ආගමන නීති බලාත්මක කිරීම සහ ඉහළ යන ජීවන වියදම ඇතුළු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද ප්‍රතිපත්තිවලට එරෙහිව තමන් විරෝධය පළ කරන බව විරෝධතාකරුවන් සඳහන් කර සිටී.
නිව්යෝර්ක්, වොෂින්ටන් සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකාවේ සෑම ප්‍රධාන නගරයකම මේ වන විට උද්ඝෝෂණ පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙහිදී විරෝධතාකරුවන් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ අනෙකුත් පරිපාලන නිලධාරීන්ගේ අනුරූ ප්‍රදර්ශනය කරමින් ඔවුන්ව ධුරවලින් ඉවත් කරන ලෙසත් අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලා සිටින බවද සඳහන්.

