ප්රදේශ කිහිපයකට අද වතුර සැපයුම අත්හිටුවයි

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා බල ප්රදේශය, මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර ප්රදේශවලට අද පෙරවරු 9 සිට ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.
ඒ, පස්වරු 2 දක්වා, පැය 5 ක කාලයක් ය.
එලෙස ජල කප්පාදුවක් සිදු කරන්නේ, අඹතලේ ජල පවිත්රාගාරයේ විදුලිය සැපයුම අත්හිටුවීම හේතුවෙන් ය.
ඒ හේතුවෙන් ජලය රැස්කර තබා ගන්නැයි එම ප්රදේශවල ජනතාවට ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

