හෙට සහ අනිද්දා තෙල් ලැබෙන හැටි

හෙට සහ අනිද්දා තෙල් ලැබෙන හැටි

හෙට (31) සහ අනිද්දා (01), ඔත්තේ දිනයන් වීම හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබද සාකච්ඡා කරමින් ඇතැයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් මයුර නෙත්තිකුමාර පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අද (30) දිනයේ අවසන් තීරණයක් ගනු ඇති බවයි.

අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා තීරණය කරනු ලැබීය.

COMMENTS