අද සිට රු.5,000ට අඩු LankaQR ගනුදෙනු සම්පූර් ණයෙන්ම නොමිලේ

අද සිට රු.5,000ට අඩු LankaQR ගනුදෙනු සම්පූර් ණයෙන්ම නොමිලේ

අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි රු.5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා.

මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ක්‍රියාත්මක වන “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියට” සමගාමීව මෙය ක්‍රියාවට නංවා ඇති බවයි වාර්තා වන්නේ.

කුඩා පරිමාණ වෙළෙඳුන්ට කිසිදු අමතර වියදමකින් තොරව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව ලබා දීම හරහා ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණයි.

ජංගම බැංකුකරණ ඇප් හරහා ⁣⁣මෙන්ම ⁣⁣හෙළකුරු SuperApp එක තුළ ඇති හෙළpay මඟින්ද පාරිභෝගික ජනතාවට ඉතාම පහසුවෙන් QR ගෙවීම් සිදු කිරීමේ හැකියාව පවතිනවා.

COMMENTS