භාරතයේ ගීත කෝකිලාවිය ආශා බෝස්ලේ දිවි සැරිය නිම කරයි

නූතන ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාවක් ලෙස සැලෙකන ජනප්‍රිය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ දිවි සැරිය නිම කර තිබෙනවා .
මියයන විට ඇය 92 වියෙහි පසු වී ඇති බවයි සඳහන් වන්නේ .
හෘදයාබාධ තත්ත්වයක් සහ ස්වසනාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ මුම්බායි හී රෝහලක් වෙත ඇතුළත් කර තිබුණා .
ඒ අනුව ඊයේ රාත්රියේදී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති ඇය අද (12) උදෑසන මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා .

