Gmail ගිණුම් මිලියන ගණනක් අක්‍රීය කරයි

Gmail ගිණුම් මිලියන ගණනක් අක්‍රීය කරයි

Gmail ගිණුම් මිලියන ගණනක් අක්‍රීය කිරීමට Google තීරණය කර තිබෙනවා.

ලබන මාසයේ සිට මෙය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

නිතිපතා යාවත්කාලීන නොකරන ගිණුම් මෙලෙස අක්‍රීය කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව වසර ගණනාවක සිට අක්‍රීයව පවතින Gmail ගිණුම් යම් අවදානමකට ලක්ව තිබෙනවා.

Gmail ගිණුමක් අවම වශයෙන් වසර 2ක්වත් භාවිත කර නොමැති නම් එම ගිණුම් අක්‍රීය කිරීමක් සිදුවන බවයි වාර්තා වෙන්නේ.

මෑතකදී Google ගිණුමට හෝ එහි සේවාවන් වෙත පූරණ වී ඇති ගිණුම් සක්‍රිය ගිණුම් ලෙස සලකන අතර ඒවා ඉවත් කිරීමක් සිදු නොවන බවයි Google සමාගම විසින් වැඩිදුරටත් දැනුම්දී තිබෙන්නේ.

COMMENTS