තෙල් ඉතිරි කරන්න පාපැදියෙන් යන්න – රෝහිත අබේගුණවර්ධන

තෙල් ඉතිරි කරන්න පාපැදියෙන් යන්න – රෝහිත අබේගුණවර්ධන

ශ්‍රී ලංකාවේ විදුලිබල අර්බුදයට නව විසඳුමක් වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් යෝජනා කර තිබේ.

රටේ විදුලි අර්බුදය ඇතිවී තිබෙන්නේ ඉන්ධන අර්බුදයේ ප්‍රතිඵලයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

එම නිසා වාහන භාවිතය අවම කරමින් පාපැදිවලින් ගමන් කිරීමට ජනතාව යොමු විය යුතු බව ඔහු යෝජනා කර ඇත.

“ජපානය, චීනය වැනි රටවල සහ යුරෝපයේ සමහර රටවල ළමුන් ඇතුළු බොහෝ දෙනෙක් පාපැදිවල ගමන් කරති,” අමාත්‍යවරයා පැවසීය.

රටේ පුරවැසියන් ලෙස නිවෙස්වල විදුලිය භාවිතය අවම කිරීමට උත්සාහ කළ යුතු බවද ඔහු පැවසීය.

“අපි ප්‍රවේශම් විය යුතු අතර අපි මෙම ප්‍රයත්නයන්ට සහාය විය යුතුයි. අපිට පුළුවන් නම් අපි අපේ වාහන භාවිතය අවම කළ යුතුයි.” අබේගුණවර්ධන ඇමැතිවරයා කීවේය.