සියලු පාසල් 7 වනදා සිට වැසෙයි

සියලු පාසල්  7 වනදා සිට වැසෙයි

රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල සියලුම ශ්‍රේණි සඳහා ලබන 7 වනදා සිට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පාසල් නැවත ආරම්භ කෙරෙන්නේ මාර්තු මස 7 වනදායි.

උසස් පෙළ විභාගය පැවැත්වීම වෙනුවෙන් මෙම පියවර ගත බව අමාත්‍යංශය ප්‍රකාශ කළා.ඒ අනුව ලබන සඳුදා (07) වැසෙන එම පාසල් නැවත ආරම්භ කරනු ලබන්නේ මාර්තු මස 7 වන සඳුදා දිනයේදීයි.