තවත් ගැසට්ටුවක් එළියට

පෙබරවාරි 28 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මිලිග්‍රෑම් 500 පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2යි ශත 30ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයක මේ බව සඳහන්.
මේ අතර, ඉදිරි සති 4න් පසු ව රට තුළ සැලකිය යුතු මට්ටමේ ඖෂධ හිඟයක් හට ගත හැකි බව ශ්‍රී ලංකා ඖෂධ සංසදය පවසනවා.
එහි සභාපති ඒ.ජේ බස්නායක කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, රට තුළ පවතින ඩොලර් හිඟය හමුවේ ණයවර ලිපි නිකුත් නො කිරීම හේතුවෙන් ඖෂධ ආනයනය කළ නො හැකි තත්ත්වයක් මතු ව ඇති බවයි.
මේ වන විට දිවයින පුරා ඖෂධ සැල් සහ වෙළඳසල්වල පැරසිටිමෝල් ඇතුළු ඇතැම් ඖෂධ සිරප් වර්ග නො මැති තත්ත්වයක් පවතින බවට වාර්තා වනවා.

