යුක්රේන ප්‍රහාර වලින් රුසියානු හමුදා සෙබළුන් 7000ක් මිය ගිහින්

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම් හේතුවෙන් රුසියානු හමුදා සාමාජිකයින් හත්දහසක් පමණ මිය ගිය බව යුක්රේන ආරක්ෂක අංශ පවසනවා.
ඊට අමතරව ජ්‍යෙෂ්ඨ රුසියානු හමුදා නිලධාරීන් ඇතුලු සිරකරුවන් ද සිය ගණනක් යුක්රේන අත්අඩංගුවේ පසුවන බවයි යුක්රේන ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසන්නේ. රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම් ආරම්භ වී අද වන විට සතියක කාලයක් ඉක්ම ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාකිව් වෙත අඛණ්ඩව රුසියානු ෂෙල් වෙඩි සහ මිසයිල ප්‍රහාර එල්ල කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම ප්‍රහාර එල්ල කිරීමට පැමිණි රුසියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා කිහිපයක් වෙඩි තබා බිම හෙළු බව යුක්රේන හමුදා නිලධාරියෙකු පවසා සිටිය ද එලෙස වෙඩි තබා බිම හෙලූ මුලු යානා සංඛ්‍යාව කොපමණද යන්න මෙතෙක් හෙළිව නැහැ.

