“රටම හරි මඟට” වේදිකාවට ගිය මන්ත්‍රීවරු දෙදෙනෙක්ට වැඩ වරදින ලකුණු

“රටම හරි මඟට” වේදිකාවට ගිය මන්ත්‍රීවරු දෙදෙනෙක්ට වැඩ වරදින ලකුණු

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් ඊයේ (2) කෝට්ටේදී පැවැත්වූ ‘මුළු රටම හරි මඟට’ ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක්ට එරෙහිව විනය පියවර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ උසස් නිලධාරියෙක් දිනපතා පලවෙන පුවත් පතකට පවසා ඇත.

එම රැස්වීමේදී ප්‍රකාශ වූ ඇතැම් කරුණු රජයට හානිදායක බව කී එම නිලධාරියා එවැනි රැස්වීමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් අසුන් ගෙන සිටීම සැළකිය යුතු තත්වයක් බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විධායක සභාව ඉදිරියේ රැස්වීම එම මන්ත්‍රීවරු දෙදෙනා පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරු සහභාගි වී සිටියහ.